gossip lanka

සජිත්ට නායක කැපෑසිටියක් නෑ.. සජිත් පිලේ මන්ත‍්‍රී පිරිසක් පස්ස දොරෙන් සිරිකොතට ගොඩවේ

එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් ගිහින් කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි.



පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද අහිමිවීම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගුණාංග තහවුරු වී නොතිබීම හේතුවෙන් ඔහුට විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාවක් ඇතැයි විශ්වාස කල නොහැකි බවද ඔවුනගේ අදහසයි.

සජිත් ප්‍රේමදාස මහතාට සමීප පාර්ශවය කටයුතු කළ කොළඹ, මහනුවර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ බව තම දේශපාලන ආධාරකරුවන් වෙත දන්වා ඇත.
gossip lanka