gossip lanka

අදත් වලියක්.. එජාප කෘත්‍යාධිකාරිය උණුසුම් වෙයි.. රනිල් පිල විසින් සජිත් පිල බයිට් කරති

අද දිනයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශවයේ මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන සහ පාලිත රංග බණ්ඩාර විසින් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණය අලියා ලකුණ යටතේ තරග කළ යුතු බවය.


හංසයා ලකුණින් මැතිවරණයට තරග කළ යුතු බවට පක්ෂයේ උපදේශක කමිටුව දැනුම් දී තිබියදීත් මෙම දෙදෙනා විසින් කළ යෝජනාව හේතුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය උණුසුම් වී ඇත.

කෙසේ වෙතත් අවසානයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කර ඇත්තේ හංසයා ලකුණින් මැතිවරණයට තරඟ කිරීමටයි.

ඒ අනුව මැතිවරණ කොමිසම හමුවී සාකච්ඡා කිරීමට ද දින යොදා ගෙන ඇත.
gossip lanka