gossip lanka

රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති ලෙස නම් කිරීම අනුමතයි

මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.


කථානායක කරු ජයසූරිය ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ කැඳවා තිබුණා.

එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩී. සිද්ධාර්ථන්, එරාන් වික්‍රමරත්න හා එම්.ඒ.සුමන්තිරන් එක්ව සිටියා.
gossip lanka