gossip lanka

රංගෙ බණ්ඩාර ගැන පරීක්‍ෂණ ඇරඹේ !

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සම්බන්ධ නීති විරෝධී ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඉඩම් රාජ්‍ය ඇමති එස් බී දිසානායක මහතා පවසයි. නුවරඑළිය ප්‍රදේශයෙන් අක්කර පහක පමණ ඉඩමක් පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් අනවසරයෙන් අත්පත් කරගෙන ඇති බවත් මේ මේ ගැන අනාවරණය වූ පසු වෙනත් අයෙකුගේ නමට පවරා ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිසේත්ම ව්‍යාපාර කටයුතු කළ නොහැකි බවත් පැවසූ දිසානායක මහතා මේ සම්බන්ධව පරීක්ෂණ සිදුකර වැඩිදුර කරුණු සොයා බලන බව මාධ්‍ය අමතමින් කියා සිටියේය.
gossip lanka