gossip lanka

මහින්ද යුගයේ ශ‍්‍රී ලන්කන් CEO හා බිරිද අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ !

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා විසින් රහස් පොලිසියට දැනුම් දී ඇත.

ඒ සදහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසද නීතිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.


එම කාලයේදී ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූයේ යයි චෝදනා එල්ල වන මූල්‍ය අක්‍රමිකතා සිදුවීමකට සම්බන්ධව සිදු කරමින් ඇති විමර්ශනයකට අදාලව මෙම දැනුම් දී කර ඇත.

කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි උපදෙස් දී ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා එල්ල කරමිනි.
gossip lanka