gossip lanka

එජාප මහලේකම් නොදන්නා සජිත් කැඳවූ රැස්වීමේ අරමුණ මන්ත්‍රිවරයෙක් කියයි

එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (21) කොළඹට කැඳවා තිබෙනවා.

ඒ, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සවස 2.30 ට පාර්ලිමේන්තු සංකීරණයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි.


විපක්ෂ නායකවරයාගේ තීරණයක් අනුව එක්සත් ජාතික පක්ෂයේ සියළුම ආසන සංවිධායකවරු මෙලෙස කොළඹට කැඳවා තිබෙනවා. එම කැඳවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා අදහස් පල කළා.

එහිදී "ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලෙසත් මෙම හමුව සංවිධානය කර තිබෙනවා" යනුවෙන් සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ආසන සංවිධායකවරු මෙලෙස කොළඹට කැඳවීම සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බවයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ  අතර එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ද අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි පැවසුවේ.
gossip lanka