gossip lanka

බුදු දහමට ගැරැහූ දූෂිතයන්ට එජාපයෙන් නාම යෝජනා එපා - එජාපය ඇතුලින්ම ප්‍රබලයින්ට විරෝධය

බුද්ධාගම ගැන වැරැදි ආකල්පයක් ජනතාව තුළ ඇති වන ආකාරයේ ප්‍රකාශ කළ පසුගිය රජයේ ඇමැතිවරුන් නිසා ජනාධිපතිවරණය පරාජයට පත් වූ බැවින් මීළඟ මහ මැතිවරණය සඳහා ඔවුන්ට නාම යෝජනා ලබා නොදෙන ලෙස එජාප මහ ලේකම්වරයා ඉදිරියේ තමන් වගකීමෙන් යුතුව ඉල්ලා සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි විජයපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.


එමෙන්ම දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වූ පසුගිය රජයේ කිසිම මැති ඇමැතිවරයකුට එජාපයෙන් නාම යෝජනා නොදී ඒ අය පිළිබඳ තීන්දු තීරණ ගන්නා ලෙසත් පාරිශුද්ධ කණ්ඩායමක් එජාප අපේක්ෂකයන් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කරන ලෙසත් එජාප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ‘සිරිකොත’ එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඉල්ලීමක් කළේය.
gossip lanka