gossip lanka

"මංගල කියන්නේ තමන්ගේ ආසනේවත් දිනාගන්න බැරි ගොං වහන්සේ කෙනෙක්" - පාලිත හිමි සිරිකොතටම ඇවිත් දෙස් තියයි

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද පැවැත්වුණා. එහිදී එජාප අපේක්ෂකයා පරාජයට පත්වීම පිලිබඳ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් එක්සත් ජාතික භික්ෂු බල මණ්ඩලයේ ලේකම් සීනියාගම පාලිත හිමියන් මෙලෙස අදහස් දැක්වුවා.



"මංගල සමරවීර වගේ බූරු වහන්සේලා කියපු කතා නිසා තමයි මැතිවරණය පරාජයට පත් වුනේ.තුනුරුවන් තියෙන්නේ දෙකයි කිව්වා.බුද්ධ ,ධම්ම විතරයි සංඝ නැහැ කිව්වා.මොනවද මේ කියන කතා.මංගල ඇමති වෙලා ඉන්න කාලෙත් අපේ ලොකු කැමැත්තක් මිනිහට තිබ්බේ නැහැ. මංගල කියන්නේ තමන්ගේ ආසනේවත් දිනාගන්න බැරි ගොං වහන්සේ කෙනෙක් "

මව්බිම
gossip lanka