gossip lanka

පොහොට්ටු - සිරිසේන ගැටුම පොළොන්නරුවෙන් ඇරඹේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මෙන්ම හිටපු ජනාධිපතිවරයාද වන මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව පොදුජන පෙරමුණ පොළොන්නරුවේ දී දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

පොදුජන පෙරමුණ වෙනුවෙන් එම වාග් ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසිනි.


මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදී රොෂාන් රණසිංහ මහතාට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කළ අතර රණසිංහ මහතා අත්අඩංගුවට පත්කිරීම සඳහා කීප වතාවක්ම උත්සාහ ගන්නා ලදී.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට කුමන්ත්‍රණය කළ පිරිස් වලට එළඹෙන මහ මැතිවරණයේදී ලකුණු තීරණය කිරීමට ඉඩ නොදෙන බවද රණසිංහ මහතා එහිදී සඳහන් කළේය.

ඔහු මෙහිදී සෘජුවම චෝදනාව එල්ල කරන ලද්දේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කරගෙනය.

අස්ගිරිය ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවකට සහභාගී වෙමින් රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

"එහාට මෙහාට පනින අය නෙවෙයි පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. සිරිසේන මහත්තයා කියනවා තුනෙන් දෙකක් අරගෙන හයිය දෙන්න උදවු කරනවාලු. ඕක එතුමාට මතක් වෙන්න තිබ්බෙ 2015 දී. මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ. ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා එක එකතු වෙනකොට අපිත් හිතුවා ජනාධිපතිවරණයේ දී සියයට 70 අනිවාර්යයෙන් පනියි කියලා. ශ්‍රී ලංකා එක එකතු වෙන්නේ නෑ කියලා හිටියානම් මම ශ්‍රී ලංකා එකේ අති බහුතරයක් අරගෙන. ඒ වෙලාවේ ශ්‍රී ලංකා එක සත් භාවයෙන් සහයෝගය දෙයි කියලා හිතනකොට නැවත කුමන්‍ත්‍රණයක් වුණා. පේෂල ජයරත්නත් එක්ක සමහරු ඒක අනිත් පැත්තට හරවද්දි පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරය කරන පිරිසක් මහින්ද රාජපක්ෂට ඡන්දේ දීලා සහයෝගය දැක්වුවා."

gossip lanka