gossip lanka

රාජිත අත්අඩංගුවට ගෙන නෑ - නීතිපති අධිකරණයට දන්වයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අද (27) විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුවේ තුන්වැනි වගඋත්තරකරු ලෙස රාජිත සේනාරත්න මහතා නම්කර ඇති අතර අධිකරණය මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ මේ වනවිට රාජිත සේනාරත්න මහතා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි.

මෙම නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් වන, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුද්ගලයන් දෙදෙනා ද අද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
gossip lanka