gossip lanka

"ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව මා කී කතාව නිවැරදියි" - විග්නේෂ්වරන්

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට තමන් විසින් සිදුකළ ප්‍රකාශය ඉතිහාස මූලාශ්‍ර හා ඉතිහාසඥයින්ගේ මතයන් මත සිදුකළ නිවැරදි ප්‍රකාශයක් යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී.විග්නේෂ්වරන් මහතා ඊයේ (18)පැවසීය.


ශ්‍රී ලංකාවට බුදු දහම පැමිණීමට පෙර මෙරට දමිළ ජාතිකයින් විසූ බව ඉතිහාස මූලාශ්‍රවල සදහන්ව තිබෙන බවත් මෙරට බෞද්ධාගම වැළදගත් මුල්ම ජනකොට්ඨාසයද දමිළ ජාතිකයින් බවත් හෙතෙම සදහන් කළේය‍.

දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන ශ්‍ රීලංකාව බෞද්ධ රටක් නොවන බවට විග්නේෂ්වරන් මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් මහතා මේ අදහස් පළකර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේද කීය.

"ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට පෙන්වා දුන් තම ප්‍රකාශය ගැන මාධ්‍ය මගින් බෞද්ධ සමාජීය හා ආගමික නායකයින්ගේ විවේචන එල්ල වෙනවා.කෙසේ නමුත් මම කළේ නිවැරදි ප්‍රකාශයක්.මම කියනවා මගේ ප්‍රකාශය විවේචනය කරන පාර්ශව වලට මුලින්ම ඒ පැරණි ඉතිහාසය ගැන අවබෝධ කරගෙන කතා කරන්න කියලා. ශ්‍රී ලංකාවට බෞද්ධාගම පැමිණීමට පෙර මෙරට තුළ දෙමළ ජාතින් ජීවත් වී තිබෙන බව ඉතිහාස මූලාශ වල සදහන් වෙලා තියෙනවා. ඉතිහාසඥයින් මෙන්ම ඉතිහාස මහාචාර්යර්යවරුන්ගේද මතය ඒකයි.ඒ ප්‍රකාශය මා ආවට ගියාට කරපු ප්‍රකාශයක් හෝ බෞද්ධාගම නිගා කිරීමට කරන ලද ප්‍රකාශයක් නොවෙයි.මම ඒ කී දේ ඇත්ත. මගේ කතාව වැරදියි නම් පුරණ මූලාශ්‍රවලට අනුව ඒ කතාව වැරදියි කියල මට කියල දෙන්න.එවිට මා සූදානම් ඒ වරද්ද පිළිගන්න මට මංවත් නොදන්න ඇත්ත කියල දෙන්න කියල මම ඉල්ලනවා. මම පිළිගන්න යැයිද විග්නේෂ්වරන් මහතා සදහන් කළේය.
gossip lanka