gossip lanka

එළඹෙන දෙසැම්බර් 1 වනදා සිට VAT බද්ද 8%කට අඩු කෙරේ !

ජාතිය ගොඩනැගීමේ බද්ධ වන 2% සහ භාණ්ඩ හා සේවා බද්ධ 15% එකතු කර මුළු 17% VAT බද්ධ 8% දක්වා අඩුකරයි.

ඒ අනූව ගෘහස්ත ජාතිය ගොඩනැගීමේ බද්ධ, ආර්ථික සේවා ගාස්තු ,උපයන විට ගෙවන අදායම් බදු ,ණය සේවා බදු ඇතුළු බදු වර්ග සියල්ල අහෝසි කිරීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊට අමතරව

විදුලි සංදේශ බද්ද 25%කින් අඩු කෙරේ

ඉදිකිරීම් අංශය සඳහා වන බද්ද 28%සිට 14% දක්වා අඩු කෙරේ

ආගමික ස්ථාන සම්පුර්ණයෙන් බද්දෙන් නිදහස් කෙරේ

ණය සේවා බද්ද අහෝසි කෙරේ

කොටස් වෙළඳපොළ ප්‍රාග්ධන බද්ද අහෝසි කෙරේ

භාණ්ඩ රැසක ආනයන අඩු කිරීමට පියවර

සුළු අපනයන භෝග විදේශයන්ගෙන් ගෙන්වීම තහනම්
gossip lanka