gossip lanka

රනිල් එපා වී එජාප 12 දෙනෙකු දේශපාලනයෙන් සමුගනී !

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවනහොත් ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු තීරණය කර ඇත.


පක්ෂයේ නායකයා වෙනස් නොවී පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගිය නොහැකි බව මේ පිළිබඳව අදහස් පළ කරමින් හිටපු රාජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් වෙනත් පක්ෂයක් පිහිටුවීම හෝ වෙනත් පක්ෂයකට සම්බන්ධ වීමට මෙම කිසිවෙකු බලාපොරොත්තු නොවණ බව ද පැවසීය.

එළඹෙන සතිය තුළදී පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණයක් ගත යුතු බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
gossip lanka