gossip lanka

ඇමති ධුර බෙදාගන්න පොහොට්ටු-ශ‍්‍රීලනිප ගැටේ.. දයාසිරි-දුමින්ද රාජ්‍ය ඇමති ලයිස්තුවට

නව ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම ගැටළුකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ ඇමති ධුර බෙදා ගැනීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇතිව තිබෙන ගැටලුවකි.



රාජ්‍ය ඇමතිවරුන් ඊයේ දිනයේ දිවුරුම් දෙන බව මීට පෙර වාර්තා වුවද එය හෙට දිනය දක්වා කල් දමා ඇත්තේ මෙම ගැටුම්කාරී තත්වය හේතුවෙනි.

ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන දෙදෙනාටද රාජ්‍ය ඇමති ධුර යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.
gossip lanka