gossip lanka

"කඩාගෙන යන්නේ නැහැ - දිවිහිමියෙන් මම පක්ෂය රකිනවා" - සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරණ පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ ඔහුට සහය දක්වන පිරිසක් සමඟ එජාපයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් සදා ගැනීමේ සූදානමක් පවතින බවට වන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ.


ඊයේ (19) සන්ධ්‍යාවේ සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ කොළඹ පිහිටි නිවසේදී  එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සමඟ පැය තුනක පමණ සාකච්ජාවක් කර තිබෙන අතර එහිදී ප්‍රේමදාස මහතා ඒ බව අවධාරණය කර ඇත.

අදාළ ජ්‍යෙෂ්ඨයා ප්‍රේමදාස  මහතාගෙන් විමසා ඇත්තේ වාර්තා වන පරිදි ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් සාදාගැනීමේ අරමුණින්  පසුවන්නේද යන්නයි.

එය ප්‍රතික්ෂේප කරමින් සජිත් ප්‍රේමදාස මහතා පවා ඇත්තේ ඇතැමෙකුට තමන්වත් පක්ෂයෙන් ඉවත්කරගෙන එළියට ගොස් වෙනත් පක්ෂයක් සාදා එක්සත් ජාතික පක්ෂය දිය කර හැරීමේ අවශ්‍යතාවක් ඇති මුත් එජාපයෙන් ඉවත්ව වීමට තමන්ට වුවමනාවක් නොමැති අතර තමන් කෙළෙහිගුණ හොඳින් දන්නා කෙනෙක් බවයි.

යළිත් තමන් උගුල්වලට හසු නොවන බවද එහිදී සජිත් ප්‍රේමදාස මහතා උක්ත ජ්‍යෙෂ්ඨයාට පවසා ඇති බව සඳහන්.

එම ජ්‍යෙෂ්ඨයා සජිත් ප්‍රේමදාස මහතාගේ සුවදුක් විමසීමට නිවසට ගොස් ඇති අතර එහිදී ඔවුන් ජනාධිපතිවරණය පරාජය වීම සහ අනාගත දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ කරුණු කාරණා රැසක් සාකච්ජා කර තිබේ.

එම තොරතුරු බලාපොරොත්තුවන්න.
gossip lanka