gossip lanka

"මහ සඟරුවනට කළ අපහාසය සජිත්ගේ පරාජයට බලපෑවා" - කිරිඇල්ල මංගලට දෙහි කපයි

නාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් විසින් මහ සංඝරත්නයට කරන ලද අපහාස කිරීම්ද ප්‍රධාන වශයෙන් බලපෑ බව පාර්ලිමේන්තුවේ හිටපු සභානායක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම මංගල සමරවීර මහතා රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් මහා සංඝරත්නයට අපහාස කරමින් මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බවට කරන ලද ප්‍රකාශය මේ රටේ මහ සංඝරත්නයේත්, සිංහල බෞද්ධ ජනතාවගේත් දැඩි විරෝධයට හේතු වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි. මීට අමතරව රන්ජන් රාමනායක මහතාද දිගින් දිගටම මහ සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීමද බොහෝ දෙනකුගේ විවේචනයට භාජන වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

මෙම හිටපු අමාත්‍යවරුන් දිගින් දිගටම මහ සංඝරත්නයට අපහාස සිදුකරන විට ඒවා නතර කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ක්‍රියා නොකිරීම බරපතළ අඩුපාඩුවක් බවද ඒ මහතා සඳහන් කරයි.

ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී මහා සංඝරත්නයට මෙවැනි අපහාසයක් සිදුකළා නම් වහාම එම ක්‍රියාව හෙළා දකිමින් අදාළ දේශපාලනඥයාට දැඩිව අවවාද කිරීමට අනිවාර්යයෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

ඩබ්ලිව්. කේ.ප්‍රසාද් මංජු
gossip lanka