gossip lanka

මහවිරුවන් අතර කොටිත් ඉන්නවා තමයි.. ඔවුන් සමරන්න කිසිවෙකුගෙන් අවසර ගත යුතු නෑ - විග්නේශ්වරන්

උතුරේ දෙමළ ජනතාවට සාමකාමී ආකාරයෙන් මහවිරුවන් සැමරීමට අයිතියක් ඇති බව උතුරු පළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

මලවුන් සිහි කිරීමට ලෝකයේ ඕනෑම ජාතියකට කිසිවෙකුගෙන් අවසර ගැනීමට උවමනාවක් නැති බවද ඔහු පෙන්වා දෙයි.

යුද්දයෙන් මියගිය පිරිස අතර හිටපු කොටි සාමාජිකයන් සිටින බව ද සත්‍ය වුවද ඔවුන්ද මනුෂ්‍යයන් බව අමතක නොකළ යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර තිබේ.
gossip lanka