gossip lanka

මහබැංකු අධිපති ධුරයෙන් අස්වෙයි !

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආවාර්ය ඉන්ද්‍රජිත්කු මාරස්වාමි සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට භාරදී තිබෙනවා.

ඒ අනුව ඔහු එළඹෙන දෙසැම්බර් මාසයේදී ධුරයට සමුදීමට නියමිතව සිටිනවා.


කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධුරයෙන් ඉවත් වීමට සිටියත් ඒ වන විට පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ රට තුළ උද්ගතව තිබු ආර්ථික ගැටළුකාරී තත්ත්වය හමුවේ එම තීරණය වෙනස් කර ගෙන තිබුනා.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගනිමින් තම පළමු උපාධිය හිමි කර ගත් ආචාර්ය කුමාරස්වාමි, සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමි කර ගත්තා.
gossip lanka