gossip lanka

මොකාද මේ නගරාධිපති - කුරුනෑගල රැස්වීමේදී පොහොට්ටුවේ ප්‍රබලයෙක් කුරුණෑගල ප්‍රබලයෙකුට ගොරවයි

මොකාද මේ නගරාධිපති - කුරුනෑගල රැස්වීමේදී පොහොට්ටුවේ ප්‍රබලයෙක් කුරුණෑගල ප්‍රබලයෙකුට ගොරවයි . ඉකුත් 11 වෙනිදා පොහොට්ටුවේ කුරුණෑගල අවසන් ජන රැළිය  සත්‍යවාදී  පිටියේදී පැවැත්විණි . එයට පොහොට්ටු සාමාජිකයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ද පැමිණ සිටි බව දැනගන්නට තිබේ. එම අවස්ථාවේදී කුරුණෑගල නගරාධිපති තමුන්ගේ නාම පුවරු රැගත් ගෝඨාභය මහතාගේ පින්තූර රැගෙන රැළියට සහභාගී වී සිටියේය.
එහිදී ගෝඨාභය මහතාගේ පැමිණීමත් සමග ජනතාවට අචාර කිරීමෙන් පසුව කදිම සිද්ධියක් වුනු බව වාර්තා වේ

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ වධකයා නම් විරුදාවලිය ලැබූ කුරුණෑගල නගරාධිපති මහාමාන්‍ය  ( ඔහු එසේ කියාගන්නවලු ) තුශාර සංජීව  මහතා තමාගේ නමත් සමග ගෝඨාභය මහතා වෙනුවෙන් සකසාගත් නාම පුවරු රැස්වීම් භූමිය තුළ එල්ලා ඇතැයි ආරංචි මාර්ග පවසයි. හදිසියේම නාම පුවරු දෙස බලමින් සිටි පොහොට්ටුවේ ප්‍රබලයෙකු එහි සිටි තවත් කුරුණෑගල පක්ෂ නායකයෙකුට පුවරුවක් පෙන්වා ඇතැයි දැනගනන්ට ලැබී තිබේ. එහිදී එම සුළු පක්ෂ නායකයා හෙමින් ඇඟිල්ලක් දික්කොට රැස්වීමේ එහා කොන පෙන්වා තිබේ. එම අවස්ථාවේදී අර ප්‍රබලයා මොකාද මේ නගරාධිපති . මෙව්වගෙන් තමයි ගෝඨාභය සර් සවුත්තුව වෙන්නේ යැයි පැවසු බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි. ඔව් ඉතින් නළ ලළ භේදයක්  ඉස්පිල්ලක් පාපිල්ලක් ඉගෙන ගන්න ඔවුන් ඉස්කෝලේ ගියපු  එවුන් නෙමෙයිනේ යනුවෙන් එකී ප්‍රබලයා නැවත නැවතත් පුපුරමින් කතාකොට ඇතැයි දැනගන්නට තිබේ .

එහිදී තවත් සිද්දියක් වී ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රී රණවිරු හේරත්ගේ සෙල්ෆි ගැසිල්ලය. ඔහුගේ සෙල්ෆි ගැසිල්ල නිසා එම අවස්ථාවේ සිටි කැමරාකරුවන්  අපහසුතාවයකට පත්වී ඇතැයි දැනගන්නට ලැබී තිබේ. රණවිරු හේරත් මහතා සෙල්ෆි ගහන අතරේ එහි සම්බන්දීකරණ කටයුතු වලට සහභාගී වී සිටි මහජන පක්ෂය නියෝජනය කරන නිලධාරීයෙක් අනුෂා දමයන්ති ඇවිල්ලා නැද්ද. මන්ත්‍රීතුමා සෙල්ෆිනම් ගහන්න බෑ එයා අවොත් මම එයා ලඟට යන්නම් මන්ත්‍රීතුමා මම එයා එක්ක කතා   කර කර ඉන්න පොටෝ එකක් අරන් දෙන්න යැයි රණවිරු හේරත් මහතා සමග කතාකරගත් බව තවදුරටත් ආරංචි මාර්ග පවසයි.  ගෝඨාභයගේ ජයග්‍රහණය පෙනී පෙනී තිබෙද්දී කුරුණෑගල නුගත් දේශපාලකයන් මෙසේ පිස්සු නැටීම සිනහවට කාරණාවක් බව අපට විස්තර සැපයු වාරියපොළ පුංචිනිලමේ වැඩිදුරටත් පැවසීය

උපුටා ගැනීම - වාරියපොළ අපි නිල්  රැල්ලට


gossip lanka