මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයේ ඓතිහාසික පෙරලියක්!

මාතර මෙවර මැතිවරණයේ තියුණු තරඟයක් ඇතිව තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයින් අතරය. ආසන 7ක් සහිත දිස්ත්‍රික්කයේ  ආසන 6ක් දිනා ගන්නට ඔවුන් සමත් වන බවට සමීක්ෂණ වාර්තා

ශ‍්‍රීපාදස්ථානය වහන්නේ නෑ.. එය අන් ආගමික ස්ථාන වගේ නොවේ.. ජනතාව වන්දනාවට එන්නේ යන්න බලාගෙන නොවේ - ශ‍්‍රීපාදස්ථානාධිපති හිමි

ශ්‍රි පාදස්ථානය අන් ආගමික ස්ථාන සමග සමාන කල නොහැකි බවත්, උදුවප් පොහො දිනයෙන් ආරම්භ කල ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝනායක , පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

එදා පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ සමග සිටි අය අතර මනාප පොරයක් නෑ... ජනතාවට අපිව විශ්වාසයි අපි ඒ විශ්වාසය රැකගෙන තිබෙනවා - ඉන්දික අනුරුද්ධ

පසුගියදා හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ජනතාව අමතමින් වර්තමානයේ පවතින මනාප පොරය ගැන මෙසේ අදහස් දක්වා සිටියා.
 "දැන් ඔන්න පේන්න පටන් ගන්නවා ඒ ඒ පක්ෂය අතර මනාප පොරේ පටන් ගන්නවා. විශේෂයෙන් දැන් එජාපෙ කෑලි දෙකයි එක කෑල්ලක් රනිල් ගාව. අනික සජිත් ගාව.

පළමු ඡන්ද ප්‍රතිඵලය එයි.. චරිත හේරත්ගේ ආධාරකරුවෙකුට මැර ප්‍රහාරය

මහාචාර්ය චරිත හේරත් මහතාගේ ක්‍රියාකාරී දේශපාලන ආධාරකරුවෙකු වන කුලියාපිටිය, අස්වැද්දුම කොට්ඨාසයේ පදිංචි කසුන් මධුසංක මහතාට මැර කණ්ඩායමක් විසින් යකඩ මුගුරකින් හිසට එල්ල කළ ප්‍රහාරයක් නිසා ඔහු බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත්කර තිබේ.

කරු නායකයා කලොත් හා.. අපි එනවා - සජිත් පිල කියයි

කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා දෙන්නේ නම් සම්මුතියකට පැමිණීමට හැකියාව ඇතැයි ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනටමත් තම පක්ෂය මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි ද ඒ බව මැතිවරණ කොමසාරිස්ට ද දන්වා ඇති බවත් ඔහු පැවසීය.

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

ඡන්ද විමසීම් කාලසීමාවේදී ආගමික ස්ථානවල දේශපාලන රැස්වීම් පැවැත්වීම හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම මැතිවරණ නීතියෙන් තහනම් වුවත් එවැනි සිදුවීම් පසුගිය කාලයේ වාර්තාවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ අද (03) පැවසුවේය.

සජිත්ට නායක කැපෑසිටියක් නෑ.. සජිත් පිලේ මන්ත‍්‍රී පිරිසක් පස්ස දොරෙන් සිරිකොතට ගොඩවේ

එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් ගිහින් කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි.

අනේ අපට අවුරුදුුු හතරින් පැන්ෂන් එක හදලා දෙන්න - විළිලැජ්ජාවක් නැති මන්ත්‍රීලා කතානායකගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු ධුර කාලය අවුරුදු හතර සපුරන මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන ලෙස අවශ්‍ය සංශෝධන කර දෙන ලෙස මන්ත්‍රි පිරිසක් කතානායකගෙන් ඉල්ලා තිබේ.

පවතින නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කළ කාලය අවුරුදුුු පහක් හෝ ඊට වැඩි නම් පමණි.

රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති ලෙස නම් කිරීම අනුමතයි

මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මරාගෙන මැරෙන්න ගිය පුස් චණ්ඩින් පලාතක නෑ.. නුවරඑලියේ අනවසර හෝටලය ගලවා දමයි

නුවරඑළියේ ග්‍රෙගරි වැව ආසන්නයේ ඉදි කර තිබූ අනවසර ආපනශාලාව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඊයේ පස්වරුවේ ඉවත් කර තිබේ.

අදාල ජංගම වෙලද සැලේ බදු කාලය අවසන් වීම නිසා ඉවත් කිරීමේ අංශය විසින් පසුගිය 21 වනදා එය ඉවත් කිරීම සඳහා ගියද ඇතිවූ උණුසුම් තත්ත්වය මත තවත් පැය 48ක කාලයක් එය ඉවත් කර ගැනීමට ලබාදී තිබිණි.

කෝටි 33ක වාහන ගන්න කැබිනට් අනුමැතිය

කල් බදු පදනම යටතේ නාගරික සංවර්ධන අධිකාරියට වාහන 28ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

රුපියල් කෝටි 33ක මුදලක් මේ සඳහා වැය කිරීමට නියමිතය.

පෙරේතයන්, කුම්භාණ්ඩයන් පොහොට්ටුවේ එල්ලිලා.. සිරිසේන එපාමයි..- ප‍්‍රසන්නගෙන් හිටපු ජනපතිට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්

මේ පොහොට්ටුවට කුම්භාණ්ඩයෝ හා පෙරේතයෝ ලංවෙන වේලාවක් බවත් මෙම කුම්භාණ්ඩයෝ හා පෙරේතයන් කිට්ටු කර ගත්තොත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.